ශිෂ්‍යත්ව විභාගයේ නව විෂය නිර්දේශය හා සංශෝධිත විභාග රටාවට අනුව ම යමින් නිර්මාණය කළ ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටල ඇතුළත් මෙම වැඩ සටහනේ මූලික අරමුණ වන්නේ ඔබේ දරුවාව ඉතා සාර්ථක ලෙස විභාගයට පෙර සූදානම් කිරීම ය. විභාගය ලංවෙත්ම කඩදාසි පිටු අතර උත්තරලියා හෙම්බත් වී සිටින දරුවාට තාක්ෂණය මුසු වූ නව අද්දැකීමක් සමගින් ඉතා ආශාවෙන් මෙම වැඩසටහන මගින් ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටල කීපයකට ම පිළිතුරු සැපයීමේ අවස්ථාව උදාවේ.
* මෙම ප්‍රශ්න පත්‍ර සකසා ඇත්තේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහයට සමාන අයුරින් ය.
* දරුවාව නියමිත කාලයට අනුව පිළිතුරු සැපයීමට හුරු කරවන අතර සියලු රූප සටහන් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයට අනුකූලව ම සකසා ඇත.
* මෙම ප්‍රශ්න පත්‍ර අවසානයේ දරුවාට ලබාදෙන ප්‍රතිඵල සටහන මගින් සිංහල,ගණිතය,පිරිසරය, විභව්‍යතාමාන හා භාෂා දැනුම සදහා දරුවාගේ ලකුණු වෙන වෙනම ලබාදෙන අතර එමගින් දරුවාගේ වැඩිදියුණු විය යුතු අංශ කෙරේ දෙමවුපියන්ට අවබෝධයක් ලබා ගත හැකි ය.
* ඔබගේ බැංකු කාඩ්පත මගින් ගෙවා ඉතාමත් පහසුවෙන් නිවසේ සිටම මිලදීගෙන එම මොහොතේ සිටම දරුවාට පාඩම්වල නිරතවීමේ අවස්ථාව උදාකර ගන්න.
* විභාගයට පෙරසූදානම් වන ඔබේ දරුවාට ආශාවෙන් විභාගයට සූදානම් වෙන්න වෙනත් ම ආකාරයක අවස්ථාවක් උදාකරලන 2018/2019 වසරේ SLTZeroOne සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය මෙම තාක්ෂණික අද්දැකීමට නොවරදවා ම ඔබේ දරුවාව යොමුකරවන්න.