මෙම app එක මගින් දිනපතාම ගණිතය Tute එකක් සාකච්ඡා කරනු ලබයි
5 ශ්‍රේණිය ගණිත ගැටලු
6 සිට 11 ශ්‍රේණිය ගණිතය
උසස් පෙළ සංයුක්ත ගණිතය වශයෙන් කාණ්ඩ 03 ක් යටතේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා වේ.
ඉහත සදහන් කාණ්ඩ 3 යටතේ පහත සදහන් සියලු දේ ඔබට app එක මගින් ලබා ගත හැක.
දිනපතාම ගණිත ප්‍රශ්න ඇතුලත් tute එකක්
දිනපතා ලැබෙන ප්‍රශ්න පත්‍රය සදහා පිළිතුරු පත්‍රයක් ලැබේ.
එම ප්‍රශ්න හා පිළිතුරු වල විශේෂ කරුණු video එකක් මගින් පැහැදිලි කරයි.
මුලු වසර පුරාවටම දිනපතාම ප්‍රශ්න පත්‍ර ලැබේ
ඔබට වසර පුරාවටම ගණිත ප්‍රශ්න ඉතා විශාල ප්‍රමාණයක් සාකච්ඡා කිරීමට අවස්ථාව app එක මගින් ලබා ගත හැක
Tute වල සංයුතිය පහත පරිදි වේ.
5 ශ්‍රේණිය :
මිනිත්තු 30 කදී පිළිතුරු ලිවීමට දිනපතාම ගණිත ගැටලු 10 ක් අඩංගු ප්‍රශ්න පත්‍රයක් ලැබේ
6-11 ශ්‍රේණි ගණිතය :
දිනපතාම මිනිත්තු 20 කදී පිළිතුරු ලිවීමට කෙටි ප්‍රශ්න 10 ක් හෝ මිනිත්තු 15 කදී පිළිතුරු ලිවීමට රචනාමය ප්‍රශ්නයක් අඩංගු tute එකක්
උසස් පෙළ සංයුක්ත ගණිතය :
කෙටි ප්‍රශ්න 5 ක් හෝ රචනාමය ප්‍රශ්නයක් අඩංගු tute එකක්
ගණිතය විෂය මතක තබා ගැනීමටනම් නිතර නිතර අප විසින් විවිධ අකාරයේ ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම සිදු කල යුතුය.
මෙම app එක මගින් ඔබට දිනපතාම ප්‍රශ්න සදහා පිළිතුරු ලියා එය විවරණය කර ගැනීමෙන් එය පහසුවෙන් ඉටු කර ගැනීමට පුලුවනි.