පිංවත් ඔබ සිදුකලා වූ පිංකම් අන් අයට අනුමෝදම් වන්න සලස්වන්න. අන් අය සිදුකලා වූ පිංකම් දැකබලා පිංවත් ඔබ දෑතින්ම සිදුකලා සේ සතුටු සිතින් සාදූකාර දී අනුමෝදම් වන්න.
මෙම 'අපේ පිංපොත' යෙදුමේ ගුණාත්මකභාවය රැකගැනීම උදෙසා සහ බොහෝ දෙනාගේ හිතසුව පිණිස ඔබගේ පලකිරීම අනුමත වීමට සදහා පහත කරුණු වලට එකඟ විය යුතුය.
01. ඔබ හෝ ඔබගේ පවුලේ සාමාජිකයින්ගේ මූලිකත්වයෙන් සිදු කරනලද පිංකම් විය යුතුය.
02. පුද්ගලයින් කැපි පෙනෙන අයුරින් ඡායාරූප නොතිබිය යුතුය (සෙල්ෆි ඡායාරූප).
03. සියලුම පලකිරීම් වල අන්තර්ගතය සිංහල භාෂාවෙන් සහ සිංහල අක්ෂර වලින් විය යුතුය..
04. ඉදිරියෙදී සිදු කරන්නට තිබෙන පිංකම් හෝ උපකාර ඉල්ලීම් වැනි දැන්වීම් මෙහි පලනොකල යුතුය.
05. මෙහි ඔබ පලකරන සියලූම දේ ඒ මොහොතේම අන් අයට පෙනෙන පරිදි පල නොවේ. සමාලෝචනය (Review) කිරීමෙන් අනතුරුව පමණක් පල කරනු ලැබේ. ඒ සදහා යම් කාලයක් ගත වනු ඇත (පැය හෝ දින කිහිපයක්).
වෙනයම් නොගැලපෙන ක්‍රියාවක් හෝ අන් අයගේ සිතෙහි ද්වේශ සහගත සිතිවිලි ඇතිවන අයුරින් පෝස්ටුවක් පල කලහොත් නැවත කිසිදිනෙක මෙම 'අපේ පිංපොත' යෙදුම ඔබගේ දුරකථනයට, ඔබගේ ගූගල් ගිණුමට සහ ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයට භාවිතා කල නොහැකි අයුරින් අවහිර කලහැකි අයුරින් සකස් කර ඇති බව කරුණාවෙන් දන්වමි.
තෙරුවන් සරණයි. සුවපත් වේවා.