Be Positive - Sinhala
Install Now
Be Positive - Sinhala
Be Positive - Sinhala

Be Positive - Sinhala

සුපුරුදු ධනාත්මක චින්තනයෙන් ඔබ්බට යමක්

Developer: OkayLike Inc
App Size: Varies With Device
Release Date: Aug 9, 2020
Price: Free
Price
Free
Size
Varies With Device

Screenshots for App

Mobile
මෙලොව ජීවත්වන බොහෝ දෙනා මෙන්ම ඔබත් අපත් සරල සාමාන්‍ය මනුෂ්‍යයන්‍ ය. බොහෝ විට ඒකාකාරී ජීවිතයකට උරුමකම් කියන අප බොහෝ දෙනා උත්සුක වනුයේ ලැබෙන ජීවිතය කුමක් වුවත් ඒ තුළ පවතිමින් කුටුම්භ සන්තර්පණය කිරීමයි. විශේෂයෙන්ම දකුණු ආසියාතික රටක් වශයෙනුත්, පෙරදිග සංස්කෘතික ලක්ෂණ ඇසුරෙනුත් අප සියල්ලගේ හුරු වීම ඉහත කී ලැබෙන දේ භාර ගනිමින් ඒ තුළ අත්විඳින දුක හෝ සැප ලැබෙන ආකාරයෙන් පිළිගැනීමයි. එය වඩාත් සරලව කිවහොත් ළිං මැඩිකුගේ තත්වයට වඩා වෙනසක් නැත. අපේ සංස්කෘතික ජීවිතය තුළ අපට හිමි වී නැත්තා සේම බොහෝ විට වැරදි ලෙස අප ග්‍රහනය කොට ගත් සංස්කෘතික ජීවිතය තුළින් අප හිමි කර නොගත් ධර්මතා හේතුවෙන් අප මේ ළිං මැඩි තත්වයම අදටත් වර්ධනය කර ගනු පෙනේ.

ඒ අනුව බොහෝ දෙනාගේ ජීවිතය, උපන්නාට මේ ලොව වැනෙනවා වැනී යන්න පසක් කිරීමට මිස අලුත් අලුත් දෑ තැනීම කෙසේ වෙතත් අලුත් අලුත් දෑ සිතීම පවා නොකර සිටීමට මනුෂ්‍යය සන්තානය හුරු වී ඇත. ඒ හේතුවෙන් බොහොමයක් දෙනාට සිදු වන්නේ ලැබෙන දේ පිළිගැනීම සහ නොලැබෙන, ළඟා කරගත නොහැකි ඉලක්ක සිතේ තබාගෙන දිනෙක පොළොවට පස් වී යාමටය. එසේ නම් ඔබ මිය යන්නේ පරාජිතයෙකු ලෙසින් වීම ඔබ පෙළන කාරණාවක් නොවේද? එය ඔබට ලැජ්ජා සහගත කාරණාවක් නොවේද?

ඔබේ පිළිතුර කුමක් වුවත් අපට කිව හැක්කේ එය අතිශය ලැජ්ජාවක් බවයි. එසේ නම් ජයග්‍රාහකයෙකු ලෙස මිය යාමට, ඔබේ පසු පරම්පරාව පවා ඔබ සාර්ථක පුද්ගලයෙක් ලෙස පිළිගැනීමට ඔබ යමක් කළ යුතුයි යන්න ඔබට දැන් වැටහිය යුතුය.

ඒසේ නම් ඔබ වෙනස් විය යුතුය. එනම් ඔබට ලැබෙන දෙයින් ඔබ්බට ගොස් ඔබට අවශ්‍ය දේ ඔබ තෝරා ගත යුතුය. ඔබට මහා විශාල ඉලක්කයන් තිබිය යුතුය. ඔබට අවශ්‍ය ඉලක්කය වෙනුවෙන් හැම විටම මහන්සි විය යුතුය. ඉලක්කය වෙත යාමේදී වැටෙන වැටෙන හැම විටකම නැගී සිටිය යුතුය. යමෙකු හෝ යමක් ඔබට බාධාවක් වේද ඔබ එම බාධාව මගහැර පසුකර යා යුතුය. කොටින්ම ඔබ කීප වරක් පැරදුනද නැගී සිටිය යුතුය. කුමන බාධාවක්‌ වුවද ඔබ ඉදිරියේ දූවිල්ලක් තරම්වත් ගැටළුවක් නොවෙන තරමට ඔබ තුළ පලිහක් විය යුතුය. එම පලිහ කිසිදා නොබිඳිය හැකි තරම් ශක්තිමත් විය යුතුය. එය ඔබේ ආරක්ෂකයා විය යුතුය.

එනම් දැන් ඔබගේ ගැටළුව වන්නේ එම පලිහ කුමක්ද යන්නයි. අප ඔබට කියා සිටින්නේ මෙම කාරණාවයි. ඔබ රකින පලිහ ඔබගේම චිත්ත ශක්තිය බවයි. මිල මුදල්, ඉඩ කඩම්, යාන වාහන, නෑ පිරිවර, දැසි දස්සන්, හිත මිතුරන්, සේනාව මෙන්ම දේශපාලන, නෛතික ආදී වූ බලතල ඔබට තිබුණ ද ඒ සියල්ලටම වඩා ඔබ ආරක්ෂා කරන, ඒ සියලු භෞතික තත්වයන් විනාශ වී ගියත් ඔබ වෙනුවෙන් ඔබේ නැගී සිටීමට උදව් වන අන් සියල්ලටම වඩා ඔබේ පලිහ වන්නෙ ඔබ තුළ ඇති ඔබගේ චිත්ත ශක්තියයි. එය සිත දියුණු කළ, යම් යම් ධ්‍යාන වැඩූ මට්ටමෙ සිතක් වුව කිසිදු දියුණුවක් මානසික වශයෙන් නොලැබූ සිතක් වුව ද කම් නැත. අවශ්‍ය වනුයේ අපේ සිත ශක්තිමත් වීමට අවැසි ධනාත්මක සිතුවිලි වලින් අප පෝෂණය වීමයි. අප තුළ ඇති සෘණාත්මක සිතුවිලි යටපත් කොට ධනාත්මක සිතුවිලි වර්ධනය කර ගැනීමයි. අද වන විට ලොව ජයගෙන ඇති බොහෝ දෙනා තමන් සතු එකම ශක්තිය ධනාත්මක සිතුවිල්ලෙන් පිරි චිත්ත ශක්තිය පමණක් මුල් කොට ගෙන ලොව ජය ගත්තෝය.

බුදුන් වහන්සේ සාරා සංක්‍යෙය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවසන භවයේ අවුරුදු සයක් දුශ්කර ක්‍රියා කළේ ද එය අත්හලේ ද අවසාන අරමුණ ඉටු කර ගැනීමේ චිත්ත ශක්තිය වෙතිනි. ක්‍රිස්තුස් වහන්සේට අනුගාමිකයන් වෙනුවෙන් මරණය වැළද ගත්තා සේම නැවත උට්ඨාන වූයේද, චිත්ත ශක්තිය මුල් කොට ගෙනය. තෝමස් අල්වා එඩිසන්, අයිසැක් නිව්ටන්, ගැලීලියෝ, ආදීහු පරාජය තුළින් ඉගෙන ගත්තෝය. ඔවුන් අවසාන අරමුණ වෙත රැගෙන ගියේ ධනාත්මකව වූ සිතුවිල්ලයි.

අද වන විට සාර්ථක ව්‍යවසායකයන් වන ජැක් මා, ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස් ආදීහු ද සිය සාර්ථක බව ලගාකර ගත්තේ සිය ධනාත්මක චින්තනය මුල් කර ගෙනය. එසේ නම් ඔබටත් ඔබේ සාර්ථකභාවය උදෙසා අප ලබා දෙන මේ අවස්ථාව ඉතාම වැදගත්. එමෙන්ම මෙය මෙතෙක් අන්තර්ජාලය තුළ ඔබ අත් නොවිදි නව අත්දැකීමක් ලෙසට දැක්විය හැකි වීමද විශේෂයකි.
අපි ඔබ අසලම සිටිමින් සාර්ථක ව්‍යවසායකයෙක්, වෘත්තිකයෙක්, ක්‍රීඩකයෙක් , ශිෂ්‍යයෙක් ආදී වූ ඔබේ භූමිකාව කුමක් වුවත් ඊට අවශ්‍ය පරිදි ඔබ ධනාත්මක සිතුවිලි කෙරෙන් පෝෂණය කිරීමේ වගකීම ඉටු කරමු.

ඔබ කළ යුත්තේ Be positive App එක සමඟ එක්වීමයි. අවශ්‍යම මාතෘකාවන් යටතේ පෙළගැස්වූ ධනාත්මක සිතුවිලි ලිපි මාලාව ඔබ වෙතට දිනපතා ලබා දීම අප විසින් සිදු කරන්නෙමු. එසේ නම් ඔබත් මේ එක්ව සිටින්නේ සාර්ථක මිනිසෙකු බිහි කිරීමට ඔබ තුළම ඇති ශක්තිය මතු කර ගැනීමට උදව් වන නවමු ඇරඹුම සමඟය.
Show More
Show Less
More Information about: Be Positive - Sinhala
Price: Free
Version: 4.0.0
Downloads: 334
Compatibility: Android 4.1
Bundle Id: com.dilinabiz.bePositive
Size: Varies With Device
Last Update: 2020-08-09
Content Rating: Everyone
Release Date: Aug 9, 2020
Content Rating: Everyone
Developer: OkayLike Inc


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide