Beauty Tips
Install Now
Beauty Tips
Beauty Tips

Beauty Tips

ලස්සන වෙන්න පැරණි නොපැරණි රහස් නොරහස් හැම වට්ටෝරුවම ඇති අන්තරජාල පොත්ගුල.

Developer: OkayLike Inc
App Size: Varies With Device
Release Date: Aug 7, 2020
Price: Free
Price
Free
Size
Varies With Device

Screenshots for App

Mobile
ලෝකෙ මවපු දෙවියන් ඉතාමත් පරිස්සමෙන්, ඉතාම සුන්දරව කරපු නිර්මාණය මොකක්ද දන්නවද? ඒ තමයි කාන්තාව . ලෝකෙ තියෙන සුන්දරම නිර්මාණය . යටි පතුලෙ ඉදන් හිසකෙස් දක්වාම ගැහැනිය කියන්නෙ කවියෙකුට කවියක්. මොකද ඒ තරමටම ඇගේ සුන්දර බව වර්ණනා කරන්න පුලුවන්.

ඇය හැම විටම උත්සහ කරනවා ඇගේ සුන්දර බව රැක ගන්න. ඒක කොයි කාලෙටත් වලංගු සත්‍යක්. හැබැයි ඔබ දන්නවද, ඒ කොයි කාලෙටත් වඩා ඔබ ජීවත්වෙන අද කාලෙ හරිම වෙනස්. හරිම දියුණුයි. හරිම කාර්‍යබහුලයි. මිනිස්සු හැල්මෙ දුවනවා. කාන්තාව ඉන්නෙත් මේ හැල්මෙ දුවන ලෝකයේ. එයාටත් මේ වෙලාවේ සිද්ධ වෙනවා පිරිමියෙක් වගේම දුවන්න. අන්න එතැනදී එයාට එයාව මගහැරෙනවා. ඇයි දන්නවද? මේ කාර්‍යබහුල හැල්මෙ දුවන ලෝකය තුල ඇයට සියුමැලි ගැහැනුකම අමතක වෙනවා.

ඒකෙ බලපෑම මොකක්ද දන්නවද? ඇයට මුලින්ම ගිලිහෙන්නෙ ඇගේ පියකරු සියුමැලි සුන්දර බව. තව විදියකින් කියනවා නම් ඇගේ රූපය. මොකද කියනවා නම් ඕනෑම දෙයක් නඩත්තු කිරීම ඉතාම වැදගත්. රූපය කියන්නෙත් ඒ වගේ නඩත්තු කළ යුතු, රැක ගැනීමට මහන්සි විය යුතු දෙයක්.

අතීතයේ ඉදලම අපේ පැරණි කාන්තාවො නිවී සැනසිල්ලෙ කරපු රූපලාවණ්‍ය සත්කාර ඇයට මේ කාලයේදී මගහැරෙනවා. අතීතයේ තිබුණු රූපලාවණ්‍ය රහස්, සුන්දර වීමේ රහස් ඇයට අතහැරෙනවා. මොකද ඇය කාර්‍යබහුලයි. ඒ වගේම නවීන ලෝකයේ නවීන ක්‍රමවේද බොහෝ විට මේ කාර්‍යබහුල ලෝකෙ කාන්තාවකට මගහැරෙනවා. මොකද ඇයට මේවා සොයා යන්නවත් කාලයක් නැහැ. අනිත් අතට අපිට හැම වෙලේම අපේ අවට තියෙන දේවල් විතරයි දැන ගන්න ලැබෙන්නෙ. නමුත් ඉන් එහා ලෝකයක් තියෙනවා. මේ සේරම අපට මගහැරෙනවට තියෙන අලුත්ම සහ ඉතාම හොද විසදුම තමයි Beauty tips app එක.

මොනවද මේ app එකෙන් කෙරෙන්නෙ..?

මේකෙන් මූලිකවම කරන්නෙ කාන්තාවකට ලස්සන වීමේ රහස් කියලා දෙන එක. මේක විශේෂ වෙන්නෙ කාරණා කීපයක් නිසා. එකක් තමයි මෙහිදි ඔබට ලස්සන වීමට නිවසේදීම සාදා ගත හැකි විවිධ වට්ටෝරු කියලා දෙනවා. ඒකෙත් විශේෂත්වයක් තියෙනවා. මොකක්ද දන්නවද? මෙතැනදී අපි වැඩි අවධානය දෙන්නෙ දේශීය හෙල රූපලාවණ්‍ය රහස් වට්ටෝරු වෙතට. හැබැයි ඒවම විතරක් නෙවෙයි. විදේශීය වශයෙන් ඒ ඒ රටවල කාන්තාවන් තමන්ගෙ රුව රැක ගන්න දරණ විවිධ උපක්‍රම, රහස්, බෙහෙත් වට්ටෝරු ඔබට මේ හරහා අපි ලබා දෙනවා, ඔබට ගැළපෙන විදියටම. මේකෙ ලොකුම වාසිය තමයි ගොඩක් වෙලාවට ඔබට කෘත්‍රිම රසායනික ආලේපන ආදිය තුළ තියෙන අන්තරාදායක අතුරු ප්‍රතිඵල මින් ලැබෙන්නේ නැති වීම. ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතා කරලා ගෙදරදීම ලස්සන වෙන්න ඔබේ රූපය තවත් වැඩි කර ගන්න ඔබත් ආස නම් ඒකට තියෙන හොදම විසදුම Beauty tips app එක කියලා දැන් ඔබට වැටහේවි. ලස්සන මුහුණක්, ලස්සන සමක්, ලස්සන කොණ්ඩයක්... කොටින්ම කියනවනම් ඔබේ රුව පංච කල්‍යාණියකගේ වගේ ලස්සන කර ගන්න මේ තමයි ඔබට තියෙන පහසුම විසදුම. ඒ නිසා ඔබත් මෙයින් උපරිම ප්‍රතිඵල ලබා ගන්න.
Show More
Show Less
More Information about: Beauty Tips
Price: Free
Version: 4.1.0
Downloads: 966
Compatibility: Android 4.1
Bundle Id: com.dilinabiz.beautytips
Size: Varies With Device
Last Update: 2020-08-07
Content Rating: Everyone
Release Date: Aug 7, 2020
Content Rating: Everyone
Developer: OkayLike Inc


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide