Salon Tips
Install Now
Salon Tips
Salon Tips

Salon Tips

ලාංකේය කාන්තාව වෙනුවෙන් අපේ කාලයේ රූපලාවණ්‍යාගාරය

Developer: OkayLike Inc
App Size: Varies With Device
Release Date: Aug 5, 2020
Price: Free
Price
Free
Size
Varies With Device

Screenshots for App

Mobile
කාන්තාවක් කියන්නෙම චරිත ගනණාවක එකතුවක්. එක දවසක් තුළ භූමිකා කීපයක් ඔබට නිරූපණය කරන්න වෙනවා. ඉතින් වෙලාවකට ඔබට හිතෙනවා ඇති නේද එහෙම? ඔබට දවසේ පැය 24ත් මදි කියලා? ඒ වගේම මේ කාර්‍යබහුල ජීවිත ඇතුළෙ ඔබට ඔබ මගහැරෙනවා කියල හිතිලා නැද්ද? ඔබට තියෙන රාජකාරි, ඔබේ වගකීම් මේවා කරන්න දවසත් මදි. ඔබට ඔබ ගැන හිතන්න වෙලාවක් තියෙනවද? නෑ නේද? හැබැයි එහෙම කියලා ඉදලා පුළුවන් ද? එහෙමත් බෑ නේද? ඔබ ඔබ ගැන හිතන්නම ඕන.

කාන්තාවක් කියන්නෙම ලෝකෙ සුන්දර නිර්මාණයක්. හැබයි ඔබ කාර්‍යබහුල වෙන තරමටම ඔබව මවපු කෙනා ඔබට දීපු ඒ සුන්දර බව වියැකෙනවා ඔබට දැනිලා තියෙනවද? ඒකට මොකද කරන්නෙ? ඔබට තියෙන සරලම විසඳුම රූපලාවණ්‍යගාරය. ඒ හරහා වියැකී යන, මගහැරෙන ඔබේ සුන්දරබව රැකගන්න ඔබට පුලුවන්කම ලැබෙනවා. නමුත් මෙතනත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඔබ කාර්‍යබහුලනම්, ඔබට දරුවන් සිටිනවා නම්, ඔබ අවට රූපලාවණ්‍යගාර සොයා ගැනීමට අපහසුනම්, ඔබේ ස්වාමියා, ඔබේ පෙම්වතා ඔබේ ලස්සන බලාපොරොත්තු වුණත් රූපලාවණ්‍යගාරයකට යාමට විරුද්ධ නම්, සරලවම ඔබට ඒ වෙනුවෙන් වැය කරන්න මුදල් නැත්නම්, කාලය නැත්නම් මොකද කරන්නෙ?

මේ තියෙන්නෙ ඒකට සරලම, පහසුම වගේම එකම විසඳුම Saloon Tips App එක. Saloon Tips App එක කියන්නෙ රූපලාවණ්‍යගාරයකට නොයා එහි කෙරෙන රූපලාවණ්‍ය සත්කාර ඔබට ගෙදරදීම කර දෙන තැන. ඒ අනුව ඔබට පුලුවන් ගෙදර ඉදලම ඔබේ රූපලාවණ්‍ය කටයුතු හරිම විදියට කරගන්න. එක පැත්තකින් ඒක ඔබට වාසියක්. අනෙක් පැත්තෙන් කාන්තාවක් විදියට ඒක ඔබට ලොකු ආඩම්බරයක්. ගොඩක් වෙලාවට බාහිර බලපෑම්, සමාජයත් එක්ක තියෙන ගැටීම් අවම නිසා කිසිම බාහිර ප්‍රශ්නයක් මෙහිදි ඔබට වෙන්නෙ නෑ. ඒ වගේම දිනෙන් දින ඔබට ඔබවම ලැබෙනවා. Saloon Tips App එක වෙතින් ඔබට ලැබෙන රූපලාවණ්‍ය උපදෙස්, රූපලාවණ්‍ය සත්කාර ඔබේ ශරීරයේ කොටස් හතරක් මූලික කර ගන්නවා. එනම් සම, නිය, හිසකෙස් සහ මුහුණ. අපි ඔබට සේවය ලබා දෙන්නෙ මේ අංශ හතර මුල් කරගෙන.

සම ගැන කියනවා නම් සම කියන්නෙ ඔබේ ශරීරයෙ වටිනාම දෙයක්. ඒ වගේම ඔබේ රූපය සම්පූර්ණ වෙන්නෙම සම හරහා. ඔබ කලුද, සුදුද, යන්න තීරණය වෙන්නෙ සමෙන්. ඒ වගේම අපි වඩාත්ම පරිස්සම් කර ගන්නත් ඕන වැඩිපුරම ගැටලු ඇති වෙන්නත් පුලුවන් තැන සම. එතරම් වැදගත් සමට රූපලාවණ්‍යගාරයක් තුළ දෙන සත්කාර සියල්ල ගෙදර ඉදන්ම කරන්නෙ කොහොමද කියලා මේ app එක කියලා දෙනවා.

මීළගට අපේ නිය පොතු. නියපොතු තමයි අපේ ශරීරයෙ වැඩිම කාලයක් කෘත්‍රිම ආලේපන ගල්වා සිටින ස්ථානය. ඒ නිසාම ඒ ගැන හරියටම දැන ගන්න එක වැදගත්. ඔබ අහල තියෙනවනෙ කාන්තාවකගේ අත් සහ කකුල් දෙක දුටුවම ඇගේ සම්පූර්ණ චරිතය කියන්න පුලුවන් කියලා පැරන්නො කියනවා. ඒ කතාවෙදි නිය රැක ගැනීමත් ඉතාම වැදගත්. ඒකට අවශ්‍ය රූපලාවණ්‍ය ප්‍රතිකාරත් අපි දෙනවා.

මීළඟට අපේ හිසකෙස්. තවත් කාර්‍යබහුලත්වය තුළ මගහැරෙන, ගැටලු ඇති වෙන තැනක්. හැබයි ඔබේ කේශ කල්‍යාණිය රැක ගන්නත් අවශ්‍ය සත්කාර මෙහි අප ගෙන එනවා. ඒ වගේම තමයි හැම කාන්තාවකගේම ප්‍රකාශන මාධ්‍ය මුහුණ. හඳක් වගේ මුහුණෙ ආවාටද? පියුමක් වගේ උණාට පරවෙලා වගේද? ඔබේ මුහුණ. එහෙනම් ආයෙත් හඳක් වගේ බබලන මුහුණක්, නෙලුමක් වගේ සුන්දරත්වයක් ඔබට ලබා දෙන්න ගෙදරදීම කරන රූපලාවණ්‍ය සත්කාර මෙයින් ඔබට ලැබෙනවා.

ඒ නිසා කාලය, ධනය ඉතුරු කරගෙන එකතු වෙන්න. අපි දෙන්නම් ඔබට ලස්සන වෙන්න ඕන සියලුම රූපලාවණ්‍ය සත්කාර. ඔබට තියෙන්නෙ ගෙදර ඉදන් Saloon Tips App එකත් එක්ක එකතු වෙන්න.
Show More
Show Less
More Information about: Salon Tips
Price: Free
Version: 4.0.0
Downloads: 2460
Compatibility: Android 4.1
Bundle Id: com.dilinabiz.saloonTips
Size: Varies With Device
Last Update: 2020-08-05
Content Rating: Everyone
Release Date: Aug 5, 2020
Content Rating: Everyone
Developer: OkayLike Inc


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide