ඔයාටත් හොඳ ජොබ් එකක් කරන්න, කරන ජොබ් එකෙන් ඉස්සරහට යන්න, තමන්ගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්න තියෙන ලොකුම ප්‍රශ්නේ හරියට ඉංග්‍රීසි බැරි එකද? දහස් ගණන් වියදම් කරලා කෝස් කරලත් තාම හරියටම ඉංග්‍රීසි බැරිද?
එහෙනම් දවස් හතළිස් පහක් ඇතුළත සුද්දෙක් එක්ක වුනත් කතා කරන්න පුලුවන් තරමට ඔයාගේ ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න අතරෙම ලෝකයම පිළිගන්න අයර්ලන්තයේ අධ්‍යාපන ආයතනයකින් ඉංග්‍රීසි භාෂාවට අදාල ඩිප්ලෝමාවක් ලබාගන්න.
ලංකාවේ දක්ෂතම ඉංග්‍රීසි ගුරුවරුන් කෙටි කලකින් ඉගැන්වීමට පාවිච්චි කරන දියුණුතම ඉගැන්වීම් ක්‍රම වලට අනුව සකස් කරන ලද හොඳම සහ එකම ඉංග්‍රීසි ඇප් එක.
ඔයාට ඉංග්‍රීසි වචනයක්වත් බැරි වුනත් පළවෙනි සතිය ඇතුළත:
-සරල වාක්‍ය හදාගන්නේ කොහොමද,
-තේරුමක් ඇතිව ඉංග්‍රීසි වචන හරියටම පාවිච්චි කරන්නේ කොහොමද,
-වචන 150ක් විතර දැනගෙන වුනත් දන්න වචන ටිකෙන් විතරක් කතා කරන්නේ කොහොමද,
මේ වගේ ඔයාගේ ඉංග්‍රීසි දැනුම හදාගන්න පුලුවන් වෙන විදියේ මාතෘකා ගොඩාක් ගැන අපි කතා කරනවා.
*ඒත් කොහොමද අයර්ලන්තයේ ආයතනයකින් ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් ලබාගන්නේ?
දවස් 45ක් ඇතුලත ඔයාට ඉංග්‍රීසි හදාගන්න එක පහසුවෙන්ම කරන්න පුලුවන්. දැනුම තිබුණටම මදි නිසා තමයි අපි අයර්ලන්තයෙන් ලබාගන්න පුලුවන් ඩිප්ලෝමාවක උගන්වන සියලුම දේවල් ඔයාට උගන්වන්න තීරණය කලේ.
Nori - Learn English In Sinhala in 45 Days ඇප් එකත් එක්ක මේ දවස් 45 ඇතුලත ඔයා ඉංග්‍රීසි ඉගෙන ගත්තට පස්සේ නොමිලේම ඒ ඩිප්ලෝමාවට අදාල විභාගය කරන්න පුලුවන්. ඊට පස්සේ ඔයා ඒ විභාගය සමත් වෙලා නම් ඔයාට ඩිප්ලෝමාවට අදාල සහතිකය තැපැලෙන් ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්. සහතිකය ගෙන්වා ගැනීමට පමණක් ඔයාට යම් මුදලක් ගෙවීමට සිදුවෙනවා.
*ඇප් එකෙන් ඔයාට මොනවද උගන්වන්නේ?
මේ ඇප් එක හදලා තියෙන්නේ වයස අවුරුදු 13-14 ක දරුවෙක්ට වුනත් තේරුම් ගන්න පුලුවන් වෙන විදියට නිසා අපි මුල ඉඳන්ම ඔයාට ඉංග්‍රීසි කියලා දෙනවා. ඒ කියන්නේ ඔයාට මේ පහළ තියෙන හැම දෙයක්ම ඉගෙන ගන්න පුලුවන්.
-නාම පද, ක්‍රියා පද, නාම විශේෂණ, ක්‍රියා විශේෂණ, නිපාත පද, සම්බන්ධවාචී පද වගේ ඉංග්‍රීසි භාෂාවේ භාවිතා කරන හැම වචන වර්ගයක්ම, (Learn 8 parts of the English speech in Sinhala).
-කොහොමද ඉංග්‍රීසි භාෂාවේ කාල භේදය හඳුනාගන්නේ සහ ඒවා හරියට පාවිච්චි කරන්නේ,(Learn about all the English Tenses in Sinhala).
-වර්තමාන කාලය, අතීත කාලය සහ අනාගත කාලය ගැන කියන්න පුලුවන් හැම විදියක්ම,(Learn about All of the methods you can use to talk about Present, past and the future)
-බැංකුවකට ගියාම, කඩයකට ගියාම, තැපැල් කන්තෝරුවට ගියාම, ෆාමසියකට ගියාම වගේ යම් තැනකට අදාලව කතා කරන්නේ කොහොමද,(Learn how to make English conversations at a Bank, Super market, Post office, Pharmacy in Sinhala)
-ඒ ඒ තැනට අදාල වන විශේෂ වචන හරියට පාවිච්චි කරන්නේ කොහොමද, වගේ හැමදෙයක්ම,(Learn about the words that are being used in particular locations in Sinhala)
-දිනය වෙලාව, යම් තැනක් ගැන හරියටම කියන්නේ කොහොමද වගේ විස්තර,(Learn how to talk about Date and Time, and places In English in Sinhala)
-දුරකතන සංවාදයක් හරියටම කරන්නේ කොහොමද, ඒ ඒ වෙලාවලදී පාවිච්චි කරන වචන මොනවාද වගේ විස්තරත් අපි ඔයාට කියලා දෙනවා,(Learn How to make telephone conversations in English in Sinhala)
-නිපාත පද සහ අනෙකුත් පද හරියටම පාවිච්චි කරලා වාක්‍ය හදාගන්නේ කොහොමද වගේ දේවල්, (Learn How to use English words in sentences in Sinhala).
මේ වගේ ඉංග්‍රීසි භාෂාවේ ඔයා දැන ගන්න ඕනේ හැම දෙයක්ම අපි ඔයාට කියලා දෙනවා. දැන්ම ඔයාත් ඉගෙන ගන්න පටන් ගන්න. කැමති විදියට, කැමති කෙනෙක් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න. ජයවේවා!
Nori English App
Learn English In Sinhala,
Learn English Grammar In Sinhala,
English In Sinhala,
Spoken English Lessons In Sinhala,
Learn Spoken English in Sinhala,
English Lessons In Sinhala,
English Grammar In Sinhala,
Spoken English Learning Videos Sinhala,