විශේෂයෙන් මිටිවීම (short body) එසේත් නැත්නම් කෙසග සිරුරක් පැවතීම ඉතා අභාගයක් බව සමහර දරුවන් සිතති. එය සෑම විටම එසේම නොවන බව පලමුව පැහැදිලිව අවබෝධකර ගන්න. ඔබගේ සිරුරේ ප්‍රමාණයෙන් කෙනෙක් දුටු විගස ඔබ ගැන යම් අවධානයක් ඇතිවුවත්. එසේ නොවන පුද්ගලයන් සමාජය තුල ඊට වඩා කැපී පෙනෙන අවස්ථා ඕනැ තරම් බව ඔබ වයසින් මුහුකුරායත්ම පැහැදිලි වනු ඇත. විශේෂයෙන් අදවන විට සමාජය තුල බුද්ධිමතුන් ප්‍රමාණය වැඩිය. එබැවින් ඔවුන් බොහෝ දෙනෙක් බාහිරින් පුද්ගලයන් මැනීමට තරම් දුර්වලයෝ නොවෙති. පලමුව මෙය අවබෝධ කරගන්න. සමාජය තුල දීර්ඝකාලීනව කැපී පෙනෙන්නටනම් ඔබ සතුව ඉතා වැදගත් ගුණාංග පැවතිය යුතුය.